May 18, 2024

විදේශිකයින් උතුරට යන්න කලින් අවසර ගත යුතුයි

විදේශ රටවල පුද්ගලයන් උතුරු පළාතේ සංචාරය කරන්නේ නම් ඒ සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් අවසර ලබාගත යුතු බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (15) ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

උතුරේ සංචාරය කරන ඇතැම් විදේශිකයන් රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමින් හැසිරෙන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ අනුව පූර්ව අනුමැතියකින් යුතුව උතුරේ සංචාරය කරන ලෙස විදේශිකයන්ට පැවසීමට තීරණය කළ බවත් බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා පැවසී ය.

 

Rate this item
(0 votes)