May 18, 2024

දික්ඔයේ පාවෙන මළ සිරුර කාගේද?

හැටන් සිට කාසල්රී ජලාශයට ජලය ගලා බසින දික්ඔය ඇලේ තිබී පිරිමි මළ සිරුරක් අද (15) සොයා ගෙන ඇති බව වාර්තා වෙයි.

එම ඔය ගලා බසින දික්ඔය වතුයාය ප‍්‍රදේශයේදී එම සිරුර සොයා ගෙන ඇති බවත් කහපාට කමිසයක් හා කළුපාට දිගු කලිසමක් ඇද තිබෙන බවත් හැටන් පොලීසිය පැවසී ය. 

ඊයේ (14) රාත‍්‍රියේ හැටන් ප‍්‍රදේශයට ලැබුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙම සිරුර ජලයේ ගසාගෙන ඒමට ඇති බවත් මෙම පිරිමි මළසිරුර පිළිබඳ ව පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් හැටන් පොලීසිය වැඩිදුරටත් පැවසී ය.

හැටන් - රංජිත් රාජපක්ෂ 

 

 

 

Rate this item
(0 votes)