May 18, 2024

යාල්දේවියේ උතුරු - මිතුරු මුදලට මොකද වුණේ? (VIDEO)

දැනට ධාවනය කරන යාල් දේවී දුම්රිය පැයට කිලෝ මීටර් 100ක වේගයෙන් ධාවනය කළ හැකි පරිදි දුම්රිය මාර්ග පද්ධතිය සකස් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

උතුරු දුම්රිය මාර්ගය ඉදිරිකිරීම සඳහා ඉන්දියානු රජයේ ඩොලර් මිලියන 183ක ණය මුදලක් දුම්රිය මාර්ගයේ ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජයට ලබාදී තිබුණි. ඉන්දියාවේ ඉර්කෝන් සමාගම සමඟ පැවැති එකඟතාවය මත උතුරු දුම්රිය මාර්ගය ඉදි කළේය. මෙහි පළමු අදියර යාල් දේවි දුම්රිය කාන්ඩිකුලම් දුම්රිය ස්ථානය දක්වා ගමන් කෙරිණි. ඉන්පසු ඕමන්තේ දුම්රිය ස්ථානය දක්වා ගමන් ඇරඹිණ .

මේවන විට යාපනය දක්වා දුම්රිය ගමන් යළිත් ආරම්භ වී තිබෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 650 ක පමණ වියදමකින් වවුනියාවේ සිට යාපනය දක්වා දුම්රිය මාර්ගය යළි සකස් කිරීමෙන් අනතුරුවයි. යාල් දේවී ව්‍යාපෘතියේ පලමු අදියර ලෙස මීට වසර කිහිපයකට පෙර ඩලස් අලහපෙරුම අමාත්‍යවරයාගේ උතුරු මිතුරු නමින් වූ රුපියල් 1000ක ටිකට් පත්‍රිකාවක් එම මාර්ගයෙන් උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ විය.

නමුත් පසුගියදා විවෘත වූ යාල් දේවියේ අලුත් ගමන හා සමගාමිව අදාල උතුරු - මිතුරු ව්‍යාපෘතිය පිළිබඳ සදහනක් නොවීම පිලිබදව විශාල ගැටලුවක් මතුවී තිබේ.

අදාල උතුරු - මිතුරු ව්‍යාපෘතිය හදුන්වා දුන්නේ එකම දවසක එකම වේලාවක සියලුම විද්‍යුත් නාලිකාවල මෙම https://www.youtube.com/watch?v=wQCk_HhNV7g  වීඩියෝව ප්‍රචාරය කිරීමෙනි. එය සිත් ඇදගන්නා සාමය, සතුට, එකමුතුකම කියවෙන වීඩියෝවක් වූ අතර එහිදී ‘යාල් දේවිය නැවත උතුරට යවන්න අපි එකමුතුව සම්මාදම් වෙමු‘ යන පණිවිඩය සමාජගත කරමින් වසර කිහිපයක් අදාල ටිකට් පත විකුණා ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය සමත් විය.

මෙම ව්‍යාපෘතිය එන්.ජේ.ප්‍රේමතිලක මහතා යටතේ කලමනාකරණය වු අතර පාසල් දරු දැරියන්ටද, බස් රථවල, දුම්රිය ස්ථානවල සහ රජයේ කාර්යාල වලද අලෙවි කරනු ලැබිනි. මීට අමතරව තාණ්ඩිකුලම් සිට කන්කසන්තුරය දක්වා දුම්රිය නැවතුම් 23 ක් ප්‍රතිසංස්කරනය කිරීමට ආයතන රැසක් ඉදිරිපත් වු බවද එවකට දැනගැනීමට ලැබුනේ ජාතික රූපවාහිනියේම පුවත් මගිනි.

නමුත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන් පසු කුමාර වෙල්ගම අමාත්‍යවරයා යටතට දුම්රිය දෙපාර්තමේන්තුව පත්වීමත් සමගම උතුරු මිතුරු ව්‍යාපෘතිය මගින් රුපියල් 1000ට සිදු වූයේ කුමක්ද යන්න පැහැදිලි වී නොමැත. පසුගිය දා විවෘත වූ යාල්දේවි උත්සවයේදීද උතුරු මිතුරු හරහා එකතු කර ගත් මුදල් පිළිබඳ වාර්තාවක් මාධ්‍යවෙත වාර්තා වී නොතිබිණි.

උතුරු - මිතුරු ව්‍යාපෘතියට අදාල වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(1 Vote)