May 18, 2024

'රනිල් - නලින්' අර්බුධ මැද උපන්දින සැමරුමේ

අද දවසේ ලංකාවේ ජනප්‍රිය ගායකයන් දෙදෙනෙක් තමන්ගේ උපන්දිනය සමරන බව අපි දනිමු.ඒ,රනිල් මල්ලවාරච්චි සහ මේරියන්ස් නලීන් පෙරේරා.1974 වසරේ ඔක්තෝම්බර් මස 15වන දින උපන් රනිල් සිය 40වන උපන්දිනය සමරනවිට නලින් සමරන්නේ සිය 45වන උපන්දිනයයි.
 
මෙලෙස එකම දිනයක උපන්දිනය සමරන මේ දෙදෙනා පසුගිය කාලයේ ''මිල්ටන් අන් ෆ්ලග්'' හේතුවෙන් ප්‍රසිද්ධියේ විවාද කර ගත් බව අපට මතකය.දෙදෙනා අතර ඇතිවූ එම අර්බුධය සම්බන්ධයෙන් ඔවුන් විසින්ම පහත සඳහන් ප්‍රකාශ කරන ලදී.
 
රනිල් මල්ලවාරච්චි
රනිල් මල්ලවාරච්චි ගීත භාවිතා කරමින් ''මිල්ටන් අන් ෆ්ලග්'' නමින් ප්‍රසංගයක්‌ පවත්වමින් සිටිනවා. දවසක්‌ නලීන් මට කෝල් කරල කතා කර කර ඉන්න කොට මගෙන් ඇහුවා පල්ලියේ ෂෝ එකක්‌ තියෙනවා ෆාදර් කැමැතියි තාත්තගේ සින්දුවලට මම තාත්තගේ ගීත දෙකක්‌ කියන්නද කියලා. ඒකට මම හා කිව්වා. ඒත් කවදාවත් ප්‍රසංගයක්‌ පවත්වන්න අවසර දුන්නේ නැහැ. මම හිතුවේ නැහැ යාළුකමකට කතා කර නලින් මගේ පියාගේලා නලින් මේ වගේ කැත වැඩක්‌ කරයි කියලා. මිනිස්‌සු මගෙන් අහනවා තාත්තගේ සින්දු මේරියන්ස්‌ලට විකිණුවද කියලා. මිනිස්‌සු හිතාගෙන ඉන්නේ මම තාත්තගේ ගීත විකුණලා කියලා.
 
නලින් අපේ තාත්තගේ නම දාගෙන තාත්තගේ පින්තූර කටවුම් වලට දාගෙන තාත්තගේ සින්දු කියන්නේ කාගේ අවසරයකින්ද කියල මට හිතාගන්න බැහැ. එයා කියනවලු අපේ පවුලේ අයට ඒ වෙනුවෙන් සල්ලි දුන්නා කියලා. එහෙම කළා නම් ඒක ඔප්පු කරලා පෙන්වන්න ඕන. මේ හැම දෙයක්‌ම දැන් එයා ගේ වැරදි වහගන්න කියන දේවල්. නමුත් මට කියන්න තියෙන්නේ මම මේ ගැන නීතිමය පියවර ගන්නවා කියන එක විතරයි.
 
අනුන්ගේ ගීත අනවසරයෙන් ගයන්න තරම් මම මෝඩයෙක්‌ නෙමෙයි
- නලීන් පෙරේරා 
සංවිධායකවරු තමයි හැත්තෑව දශකයේ ගීත ගායනා කරන්න ඕනෑ කියලා ඉල්ලන්නේ. එවිට අපි කරන්නේ සංවිධායකවරුන්ට ඊට අදාල පාර්ශ්වයන්ගේ දුරකථන අංක ලබාදී ඔවුන් සම්බන්ධකරගෙන කතාබහ කරලා අපිට අවසරය ලබාදෙන්න කියලා. අපිට කොහෙත්ම හැත්තෑව දශකයේ ගීත ගායනා කරලා සල්ලි හම්බකරන්න වුවමනාවක්‌ නැහැ. අපි එච්චර පහත් තත්ත්වයට වැටිලා නැහැ. අපි එහෙම වැඩක්‌ කරනවා නම් අදාල පාර්ශ්වයන් දැනුවත් කරලා ඔවුන්ගේ අවසරයක්‌ ඇතිව, ගෙවීමක්‌ කරන්න වුවමනා නම් ඒකත් කරලා තමයි ගීත ගායනා කරන්නේ. එහෙම අනුන්ගේ ගීත අවසරයක්‌ නැතිව වගේම ගෙවීමක්‌ නොකර ගායනාකරන්න තරම් මම මෝඩයෙක්‌ නෙමෙයි. ඒක කවුරුහරි බොරුවක්‌ කියංනවා නම් මාළඟ සංවිධායකවරු අදාල පාර්ශ්වයන්ට කළ ගෙවීම්වල රිසිට්‌පත් පවා තිබෙනවා. මේ කටයුත්ත කරන්නේ බොහොම ගෞරවාන්විතවයි. අපිත් මෙතැන අවුරුදු ගණනාවක්‌ වැඩකරලා තියෙනවා. අනුන්ගේ ගීතයක්‌ ගායනා කරන්න ඕනෑ නම් ඒක කරන්න ඕනෑ කොහොමද කියලා අපි දන්නවා. අපි බබ්බු නෙමෙයි. 
 
අනික අපිට සින්දු නැති බෑන්ඩ් එකක්‌ නෙමෙයිනේ. හැත්තෑව දශකයේ ගීත ගායනා කිරීම එක කන්සෙප්ට්‌ එකක්‌ විතරයි. අපිට කොහෙත්ම හැත්තෑව දශකයේ ගීත විකුණාගෙන කන්න වුවමනාවක්‌ නැහැ. මේරියන්ස්‌ලාට වෙනම අනන්‍යතාවයක්‌ තියෙනවා. කවුරු හරි රනිල්ව නොමග යවලා තියෙනවා. අපි දෙන්නා එකම දවසේ ඉපදුන දෙන්නෙක්‌. රනිල්ට මේ සම්බන්ධව කෙලින් කතා කරන්න තිබුණා. අනික මගෙන් විතරක්‌ නෙමෙයි මේරියන්ස්‌ සංගීත කණ්‌ඩායමෙන් පවා ඔහුට අසාධාරණයක්‌ වෙලා නැහැ. මිල්ටන්, ක්‌ලැරන්ස්‌ හෝ ජෝතිපාලගේ ගීත වේවා මේ සියල්ල අවසරයක්‌ ඇතිව ගෙවීමක්‌ කරලා තමයි කියන්නේ. එහෙම අවසරයක්‌ නොදුන්නොත් නොකියා ඉන්නවා. බලෙන් ඒ ගීත ගායනා කරන්න අපිටත් වුවමනාවක්‌ නැහැ. රසිකයෝ තමයි ඉල්ලන්නේ. එතකොට තමයි අපිත් ගායනා කරන්නේ. අපි සින්දු නැති බෑන්ඩ් එකක්‌ නෙමෙයි.
Rate this item
(0 votes)