May 18, 2024

තරුණයන් හයක් 'දැරියක් දුෂණයකර' පටිගත කර අලෙවිකරලා

 කළුතර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි රූමත් ශිෂ්‍යාවක්‌ දොඩංගොඩ ලැගුම්හලකට රැගෙන ගොස්‌ දූෂණය කිරීම, දැරිය දූෂණය කරන ආකාරය වීඩියෝගත කර එම වීඩියෝ පට අලෙවි කිරීම සම්බන්ධයෙන් ඊයේ (14 දා) දහවල් වන විට තරුණයන් 6 දෙනකු කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය හා දොඩන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
 
මෙම ශිෂ්‍යාව සිය පෙම්වතා සමඟ සිටින ඡායාරූපයක්‌ ඇයට පෙන්වූ තරුණයන් ඇයව බියගන්වා සිය මිතුරන් සමඟ අවන්හලකට රැගෙන ගොස්‌ දූෂණය කර ඇතැයි ද ඇය තරුණයන් සමඟ ගතකරන ආකාරය වීඩියෝගත කර ඇතැයි ද පොලිසිය කියයි. මෙම ශිෂ්‍යාවගේ මව විදේශගත වී ඇති අතර පියා පාසල් බස්‌ රථ රියෑදුරකු වන අතර දැරිය සිය ආච්චිගේ රැකවරණය යටතේ පසුවන බව ද පොලිසිය පවසයි.
 
මෙම දැරිය දූෂණය කළ තරුණයන් තිදෙනා අවුරුදු 18 හා 19 වයසේ පසුවන අතර සැකකරුවන් අතර දැරිය හා තරුණයන් එකට ගතකරන නිරුවත් ඡායාරූප ගත් තරුණයා ද ලැගුම්හල් කළමනාකරු ද නිරුවත් වීඩියෝ පට ළඟ තබාගත් තරුණයා ද ඊයේ දහවල් වන විට අත්අඩංගුවට ගෙන තිබිණි.
 
Rate this item
(1 Vote)