May 20, 2024

(EXCLUSIVE) කුමාර වෙල්ගම "අපි ශ්‍රී ලංකා" සැලැස්ම ඒෂියන් මිරර් වෙත හෙළි කරයි

පිහිටුවන නව පක්ෂය වන "අපි ශ්‍රී ලංකා" හරහා දියත් කිරීමට සැලසුම් කොට තිබෙන දේශපාලන සැලැස්ම කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඒෂියන් මිරර් වෙත හෙළි කළා.

සමගි ජන බලවේගය මන්ත්‍රීවරයෙකු වන කුමාර වෙල්ගම මහතා තමන් නව පක්ෂයක් පිහිටුවන බවට ඉකුත් 29 වැනි දින කල ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමිනුයි ඔහු එම කරුණු හෙළිදරව් කරන්නේ.

සමගි ජන බලවේගයේ සාමාජිකත්වය

තමා මේ වන විට නියෝජනය කරන්නේ තමන්ටම අයත් නව ලංකා නිදහස් පක්ෂය බව කියන වෙල්ගම මන්ත්‍රීවරයා ඒ අනුව තමන් සමගි ජන බලවේග නියෝජනය කරන්නේ එහි සන්ධානගත පක්ෂයක මන්ත්‍රීවරයෙක් ලෙස බවයි පෙන්වා දෙන්නේ.

එ නිසා තමා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගෙන නොමැති බවයි පෙන්වා දෙන්නේ.

තමන් සමගි ජන බලවේග මන්ත්‍රීවරයෙකු  ලෙස සිටිමින් නව පක්ෂයේ වැඩ කටයුතු කරගෙන යන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

බණ්ඩාරනායක ප්‍රතිපත්ති යළි සමාජගත කිරීම

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද බණ්ඩාරනායක ප්‍රතිපත්තීන් පාවාදෙමින් ආන්ඩුවේ කොටස්කාරයෙකු වී ඇති නිසා සැබෑ ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයන්ගේ හඬට වේදිකාවක් නොමැති බැවින් ඒ සඳහා නව පක්ෂය හදන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

ඒ සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියට අයත් "අපි ශ්‍රී ලංකා" පක්ෂය යළි ගොඩ නඟන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා තමන් එහි නායකත්වයද ගන්නා බවයි හෙළි කරන්නේ.

හිටපු ජනපතිනියගේ ඉල්ලීම

බණ්ඩාරනායක ප්‍රතිපත්ති ප්‍රතිපත්තියෙන් පිළිබඳ විශ්වාසය තබා සිටින සැබෑ ශ්‍රී.ල.නි.ප යන් සදහා තමන් සතු මෙම පක්ෂය යළි ගොඩ නගන ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත් මන්ත්‍රීවරයා හෙළි කරනවා.

මේ වන විටත් එම පක්ෂය ගොඩ නැගීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා සූම් තාක්ෂණය ඔස්සේ ආරම්භ කොට තිබෙන බවත් එළැඹෙන 5 වැනිදා රට විවෘත කළ පසු රට පුරා යමින් පක්ෂය සංවිධානය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කරන බවත් හෙළි කරනවා.

ශ්‍රී.ල.නි.ප යේ හිටපු ප්‍රබලයන් රැසකගේ සහාය

ශ්‍රී.ල.නි.ප ය නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් , මන්ත්‍රීවරුන් ප්‍රමුඛ ප්‍රගතිශීලී වාමාංශික බලවේග දැනටමත් සිය පක්ෂය සමඟ එක්වී කටයුතු කිරීමට කැමැත්ත පල කොට තිබෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් දරුවන් සඳහා ආහාර ලබාදීමේ වැඩ සටහනකින් පසුව තමන් ශ්‍රී.ල.නි.ප ය ආකාරයේ නව දේශපාලන පක්ෂයක් ගොඩ නගන බව වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් විශේෂත්වයක්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 July 2021 15:28