May 18, 2024

යුරෝපා කොමිසම 'ලංකාවට' සම්භාධක පනවයි(VIDEO)

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනය ජනවාරියේ සිට තහනම් කිරීමට යුරෝපා කොමිසම තීරණය කර ඇත.  නීති විරෝධී මසුන් මැරීමවැළක්වීමට පියවර නොගැනීම නිසා මෙම තීරණය ගත් බව යුරෝපා කොමිසමේ ධීවර හා සාගර සම්පත් කටයුතු භාර කොමසාරිස්වරිය මරියා දමනකි පවසන්නීය.
 
පාලනයකින් තොර හා නීති විරෝධී මසුන් මැරීම සැලකිය යුතු මට්ටමකින් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම තීරණය ගෙන ඇති බවද එම කොමිසම පවසයි.ශ්‍රී ලංකා ජාතික කොඩිය යටතේ ඇති ධීවර යාත්‍රාවලට යුරෝපා වෙළෙඳ පොළට ඇතුළු වීම ඒ අනුව තහනම්වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අදහස තමන් බලාපොරොත්තුවන බවද මරියා දමනකි පවසා ඇත.
(සම්භාධක පැනවීමේ වීඩියෝව පහතින් නරඹන්න)
 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 October 2014 15:59