May 18, 2024

ගංජා ගැසූ තරුණයින් පාරේ 'ගීතයෙන් ගීතය' කරලා

ගංජා පානය කරමින් ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි ගීතයෙන් ගීතය ගායනා කරමින් සිටි තරුණයන් පස්‌දෙනකු නාගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් තල්ගස්‌වල හා කුඹුරහේන ප්‍රදේශයේ තේ මඩුවල සිට ගංජා සුරුට්‌ටු උරමින් ගීත ගායනා කරමින් සිටියදී මහජනතාවගෙන් ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට පත් පුද්ගලයන් වයස අවුරුදු 18 හා 22 අතර වියේ පසුවන අය බව පොලිසිය පැවසීය.

මෙකී පුද්ගලයන් පස්‌දෙනා බද්දේගම ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක්‌ අයෙකුට රුපියල් පන්දහස බැගින් රුපියල් විසිපන්දහසක දඩ මුදලක්‌ නියම කළේය. 

නාගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති සුමේධ විමලගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබුණි.

 

Rate this item
(0 votes)