May 18, 2024

ජනපතිවරණයට දින එනකම් මුස්‌ලිම් කොංග්‍රසය පසුබසී

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන තෙක්‌ තම පක්‍ෂයේ ස්‌ථාවරය ඉදිරිපත් නොකිරීමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

දේශපාලනමය වශයෙන් රටේ හදිසි අවස්‌ථාවක්‌ ඇති වුවහොත් පමණක්‌ පක්‍ෂය ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සලකා බැලිය හැකි බවත් එසේ නොවුණහොත් දිගටම ආණ්‌ඩුවේ රැඳී සිටීම සිදුවනු ඇති බවත් එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ආණ්‌ඩුවේ හවුල්කාර පක්‍ෂයක්‌ ලෙස ඇමැති ධුර දරමින් ඉදිරියටත් කටයුතු කරන බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පක්‍ෂයේ ජාතික කමිටුව රැස්‌වී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට සියලු දෙනා එකඟවී ඇති බවද වාර්තා වෙයි.

Rate this item
(0 votes)