May 18, 2024

සබරගමු අර්බුදයේ එකඟතා නිර්දේශ වෙයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පවත්වන ලද සත්‍යග්‍රහයට අදාළ ඉල්ලීම් ත්‍රිත්වය සාධනීය ලෙස විසඳීමට පාලනාධිකාරිය එකඟවූ බව සබරගමුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.
ශ‍්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ වර්තමානයේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට විශ්ව විද්‍යාලයීය ආචාර්ය සංගමය අද දින (14) එහි විධායක සභාවපෙරවරු 8.00 ට ද එහි මහා සභාව පෙ.ව. 9.30 ට ද රැස්වුණු බව එම සංගමයේ සභාපති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කර තිබේ.
සමස්ත තත්ත්වය පිළිබඳ ව දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව නිර්දේශයන් කිහිපයක් පාලන අධිකාරීයටත් ශිෂ්‍ය ප‍්‍රජාවටත් ඉදිරිපත් කිරීමට ඒකමතිකව තීර්ණය වූ බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)