May 18, 2024

හෙට සිට වැලිකඩ ඉඳන් කෝල් කරන්න පුළුවන්

වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින සියලුම දෙනාට හෙට (15දා) සිට තම ඥාතීන්ට දුරකථනයෙන් ඇමතීමේ පහසුකම් ලබාදෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කර තිබේ.

නියමු ව්‍යාපෘතියක් ලෙස ටෙලිකොම් දුරකථන 08ක් මගින් රැඳවියන් 4000 කට දුරකථන ඇමතුම් ලබාගැනීමේ පහසුකම ලබාදී තිබෙන බවත්, පසුව අනෙකුත් බන්ධනාගාරවලටද මෙය ව්‍යාප්ත කරන බවත් සඳහන් වෙයි.

Rate this item
(0 votes)