May 18, 2024

යාල්දේවියෙන් යාපනයට යන්න 'ශත 85යි'

යාල් දේවී දුම්රිය අද (14) සිට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර යාපනය දක්වා දිනපතා ගමන් කරයි.

මෙම දුම්රිය කොළඹ කොටුව සිට යාපනය දක්වා ගමන්වාර 4ක් හා යාපනය සිට කොළඹ දක්වා ගමන්වාර 4ක් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

කොළඹ සිට යාපනය දක්වා සාමාන්‍ය දුර ප්‍රමාණය කිලෝමීටර් 379ක් පමණ වෙයි. මෙම දුර ගමන් කිරීමට යාල්දේවිය ගමන් කිරීමට පැය 6 විනාඩි 50ක් පමණ ගත වෙයි.

එම දුර ගමන් කිරීමට සාමාන්‍ය ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 320කි. ඒ අනුව සාමාන්‍යයෙන් දුම්රිය මගියෙකුගෙන් අයකර ඇත්තේ ශත 85ක පමණ මුදලකි.

යාල්දේවී දුම්රිය ප්‍රවේශ පත්‍ර මිල ගණන් වනුයේ අධි සුඛෝපභෝගී මැදිරියේ එක් ආසනයක් සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 1,500ක් වන අතර පළමු පන්තියේ වෙන් කළ ආසනයක් සඳහා රුපියල් 900ක් ද, දෙවන පන්තියේ වෙන්කළ ආසනයක් සඳහා රුපියල් 800ක් ද, තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් සඳහා රුපියල් 320ක මිලක්ද නියම කර ඇත.

යාල් දේවි දුම්රියේ ආසන වෙන්කිරීමේ හා මැදිරි වෙන්කිරීමේ පහසුකම්ද සලසා ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුවෙ වානිජ අධිකාරී සිසිර කුමාර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසීය. 

Rate this item
(0 votes)