May 18, 2024

එජාපය ඉතාලියේ වැඩ අරඹයි

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විදේශගත ලාංකිකයන් ඇමතීම සඳහා ඔක්තෝබර් මස 17 වන දින ඉතාලියට පැමිණීමට නියමිත බව එරට ඒෂියන් මිරර් වාර්තාකරු හර්ෂණ කාරියවසම් පවසයි.ඉතාලියේ වෙරෝනා නගරයේ එජාප ශාඛා සමිතිය හා ඉතාලියේ මිලානෝ නගරයේ සභාපති ජෙරාඩ් අප්පුහාමි මහතා ගේ නායකත්වයෙන් මෙය සංවිධානය කර ඇත.
 
මෝදනා සහ බ්‍රේෂියා නගර ඇතුලුව ප්‍රචාරක රැස්වීම් 7 ක් අමතා පාක්ෂිකයින් දැනුවත් කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා  ඔක්තෝබර් මස 17 වන දින රෝමයේ ගුවන්තොටුපොල හරහා ඉතාලියෙ වෙත පැමිණේ.
Rate this item
(1 Vote)