May 18, 2024

මගේ ආදර අවනඩුවේ තීන්දුව 23 වැනිදා

ගල්කිස්ස food city ගිය මට කෙල්ලෙක් දකින්න ලැබුණා.ඒ කෙල්ල තමා මගේ ආදර අවනඩුව අවදි කළේ.මෙහෙම කියන්නේ අපි කාටත් හුරුපුරුදු වාර්තමාන තරුණ්‍යය ග්‍රහණය කරගත් සොදුරු නිර්මාපකයා සුපුන් රත්නායකයි.
 
සුපුන් මේ ඔබේ දෙවන නිර්මාණය ?
ඔව් මේ මගේ දෙවනි නිර්මාණය මගේ පළමු නිර්මාණය "ඔයයි මමයි අපි දෙන්නයි" කියන නිර්මාණය.
 
මේ අවනඩුවට පාදක වු කරුණක් තියෙනවා අපි කියමු ඒ ගැන
ඔව්. අනිවාර්යෙන්ම , මම එක දවසක් ගියා ගල්කිස්ස food city එකට ගෙදරට බඩු ටිකක් ගන්න.මට එහිදි මම දැක්කා මෙච්චර කාළයක් නොදැක්ක සුන්දර ගැහැණු ළමයෙක් එයා පුදුම ලස්සනයි මං හොඳටම දන්නවා ඒ වේලාවේ හැමෝම බලන්නේ එයා දිහා කියලා.එත් එයා කිසිම කෙනෙක් එක්ක හිනාඋනේ නෑ. එයා ඇවිත් හිටියේ Phone Bill එක ගෙවන්න.. මම ඇගේ දුරකථන අංකය පවා මතක තියාගත්තා.  ඇගේ වැඩ ටික කරගෙන ඇය ඇගේ කාර් එකට නැඟලා ගියා. කාර් එකේ Doctor Pass එක මං දැක්කා ඇය වෛද්‍යවරියක් මම ඒ බව දැනගත්ත. ඒ මොහොතේ මං උසස් පෙළ සිසුවෙක් නම් අනිවාර්යෙන්ම ඇයට කතාකරනවා. එත් මම ඇගෙන් අලුත් නිර්මාණයක් බිහිකරා. 
 
මෙහි අන්තර්ගතය ?
මේ පොතේ ආදරය ගැන මතවාද හොඳ නරක සුදු චරිත කළු චරිත හැමදේම තියෙනවා.මම මේ පොතේ කිසිම හැඟිම් පාලනයක් කරලා නෑ.ආදරයෙදි ගන්න හරි වැරදි තිරණ දෙමාපියන් හා දරුවන් අතර ඇති වන අරගල මේ හැමාදේම මේ පොතේ ඇතුළත්ය.
මෙහි තියෙන්නේ රස්තියාදුකාර භාෂාවක් .. ගොඩාක් අය හිතන්නේ රස්තියාදුකාරයා කියන්නේ නරක කෙනෙක් කියලා නෑ  රස්තියාදුකාරයා ( නොකල්හි විදී සංචාරය කරන්නා) තමා හරිම දේ හරි විදියට දකින්නේ.
 
අපි කියමු අවනඩුව ගැන කොහෙදිද කතාකරන්නේ කවදාද අවනඩුව එළි දක්වනනේ කියලා
මගේ ආදර අවනඩුව 23 වෙනිඳා හවස 4ට සුදර්ශි ශාලාවේදි එළි දක්වනවා.උපුල් ශාන්ත සන්නස්ගලයන් සහ අනුරුද්ධ ජයසිංහයන් ගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු වෙනවා.
 
ඔබට අවසනයේ මොනවා ද කියන්න තියෙන්නේ මොනවා ද මේ අවනඩුව ගැන 
මෙය සංහිඳ ප්‍රකාශනයක්.මගේ බිරිඳට තමා මම මෙය පළමුව පිළිගන්වන්නේ මෙය  එළි දක්වන්නේ ඇගේ උපන් දිනය දවසේමයි.කිසිම වාරණයකට යටත් නොවි මාගේ මේ කතාව කියවන්න ඔබත්  එන්න 23 සවස සුදර්ශීයට .
Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 October 2014 12:51