May 03, 2024

ඩෑන් ප්‍රියසාද්ගෙන් අමෙරිකාවට අවවාදයක්! Featured

දුමින්ද සිල්වා නිදහස් කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිවරියට ලොකු අමාරුවක් ඇතිව තිබෙන බවට නව සිංහලේ සභාපති ඩෑන් ප්‍රියසාද් සඳහන් කර සිටිනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇමෙරිකානු තානාපතිවරියට සදාචාර සම්පන්න නොවන කතා නොපවසන ලෙසයි. එහිදී ඔහු සඳහන් කර සිටියේ “ඊට වැඩිය හිටපු දරුණු ත්‍රස්තවාදීන් සංඝයා වහන්සේලාව ඝාතනය කරලා, සිවිල් ජනතාව ඝාතනය කරපු ත්‍රස්තවාදීන්ටත් ජනාධිපතිතුමා සමාව දුන්නා නම්, දුමින්ද සිල්වා මහතාට පොදු සමාව දීම ගැන අමෙරිකානු තානාපතිනිය දඟලන්න ඕන නෑ ඒකට..” යනුවෙනි.

දුමින්ද සිල්වා යනු අපරාධකරුවෙකු නොවන බවත් ශානි අබේසේකර, රන්ජන් රාමනායකලා එක්ව රඟපෑ චිත්‍රපටයේ හඬපට සිද්ධි හැමදෙම රටේ ජනතාව දුටු බවත් ඩෑන් ප්‍රියසාද් විසින් සඳහන් කර සිටියා.

“රන්ජන් උවමනා විදිහට නීතිය නවලා ශානිට කියලා.. ශානි අවසානයේ මොකද වුණේ රන්ජන්ගේ ගෙදර ඇවිල්ලා ඉඳුල් සෝදන්නම් කිව්වා.. එහෙම කරලා නීතිය නවලා ඇතුළට දාපු මනුස්සයෙක්ට රටේ ජනාධිපතිවරයා පොදු සමාව යටතේ සමාව දීලා එළියට දානවා නම් එතනින් එහාට මේ ඇමෙරිකාවේ තානාපති මේකට අතගහන්න ඕන නැහැ.. ඇමෙරිකානු තානාපතිව මේ කුලප්පු කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය” බවද එහිදී ඩෑන් ප්‍රියසාද් විසින් පවසා තිබුණා.

ඔහු මේ බව පවසා තිබුණේ රූපවාහිනී නාලිකාවකට අදහස් දක්වමිනි. 

Rate this item
(2 votes)