May 18, 2024

සේමිණි - දමිතා උසාවියේදී 'මිතුරු වෙයි'

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලි සෙමිණි ඉද්දමල්ගොඩ විසින් ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලි දමිතා අබේරත්නට එරෙහිව පවරා තිබූ වන්දි නඩුව හා දමිතා අබේරත්න විසින් සෙමිණි ඉද්දමල්ගොඩට පවරා තිබූ වන්දි නඩුව කොළඹ දිසා විනිසුරු අයිවන් ප්‍රනාන්දු මහතා ඉදිරියේ සමථයකට පත් කර ගෙන තිබේ.

ගුවන් විදුලි නාලිකාවකින් තමාට අපහාස කළැයි සේමිණි ඉද්දමල්ගොඩ දමිතා අබේරත්නගෙන් රුපියල් කෝටි පහක් වන්දි ඉල්ලා පසුගිය වසරේ ජනවාරි මාසයේ නඩුවක් පවරා තිබිණි.

සේමිණි ඉද්දමල්ගොඩගෙන් රුපියල් කෝටියක් ඉල්ලා දමිතා අබේරත්න ද තවත් නඩුවක් පවරා තිබිණි.

Rate this item
(0 votes)