May 18, 2024

පෞද්ගලික අංශ සේවකයින් අමතක කර ජාතික මැතිවරණ එපා 

ආණ්ඩුව රටේ ආර්ථකයට සියයට 80ක දායකත්වය සපයන පෞද්ගලික අංශ සේවක අමතක කොට ඉදිරියේ දී කිසිදු ජාතික මැතිවරණයක් නොපවත්වන ලෙසත් එස් සිදු කළ හොත් ආණ්ඩුව ගෙදර එළවීම දක්වා තම සටන ඉදිරියට ගෙන යන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (14) කොළඹ කොටුව දුම්රිය මූලස්ථානය ඉදිරිපිට දී පෞද්ගලික අංශ සහ වතු ක්‍ෂේත්‍රවල සිටින සියලු සේවකයන්ගේ වැටුප් වැඩි කර ගැනිමේ අරගලයේ තවත් එක් පියවරක් අත්පත‍්‍රිකා දස ලක්‍ෂයක් රට පුරා බෙදා හැරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 

“2005 අංක 36 අයවැය සීමා පනත හඳල පෞද්ගලික අංශ සේවකයන් රු.1000 වැටුප් වැඩි කරේ ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන ආණ්ඩුවේ ඉදිද්දී. ඉන් පසු වැටුප් වැඩි කර ගත්තේ වෘත්තීය සමිති සටන් අරගලවල ප‍්‍රතිඵල හැටියට. රාජ්‍ය අංශයේ සේවකයාගේ වැටුප රුපියල් 22000 කට ආසන්න වෙද්දී පෞද්ගලික අංශ වල සේවකයන්ට පඩි පාලක සභා වල වැටුප තිබෙන්නේ 9625යි. අතිකාල දීමනා, පැමිණීමේ දීමනා, නෙත් දීමනා ලෙස ගත් විට පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් 85% තිබෙන්නෙ රුපියල් 15000 කට අඩු වැටුපක්.“ යැයි හෙතෙම පෙන්වා දුන්නේය. 

 

Rate this item
(0 votes)