May 18, 2024

ඌවේ අල ගොවීන් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පහරදීලා  

අර්තාපල් මිලදී ගැනීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් ඌව පරණගම ප්‍රදේශයේ අල ගොවීන් අද (14) වැලිමඩ නගරයේ උද්ඝෝෂණයක නිරත වූහ.

අල ගොවීන් වැලිමඩ නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූ අතර පසුව සන්නසක් භාර දීමට යැයි පවසා එම අල ගොවීන් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් තිබේ.

එහිදී ඇතිවූ නොසන්සුන්තාවයකදී අල ගොවීන් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුවට පහරදී ඇති බවත් පසුව පොලීසිය පැමිණ තත්ත්වය පාලනය කළ බවත් වාර්තා වෙයි.

ප්‍රේමලාල් රත්නායක - වැලිමඩ

 

Rate this item
(0 votes)