May 18, 2024

කළුවිතාරණට හෘදයාබාධයක් - ගුවනින් කොළඹට    

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක රොමේෂ් කළුවිතාරණ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඒ කණඩායමේ වත්මන් පුහුණුකරු වන රොමේෂ් කලුවිතාරණ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සමග පැවැත්වෙන සිව්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණාඩායම සමඟ එක්ව හම්බන්තොට ප‍්‍රදේශයේ හෝටලයක රැඳි සිට තිබෙන අතර එහිදී හෘදයාබාධය ඇතිවී තිබේ.

ඒ හේතුවෙන් ඔහු හම්බන්තොට මහරෝහලට ඇතුලත් කළ බවත් පසුව ගුවන් මගින් කොළඹට රැගෙන විත් රෝහල් ගත කළ බවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 October 2014 11:48