May 18, 2024

ජනසෙත පෙරමුණේ නායක හිමියන් එජාපය සමඟ එකඟතාවක

ජනසෙත පෙරමු‍ණේ නායක බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ සමග එක්සත් ජාතික පක්‍ෂය සමඟ ඊයේ (13) නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කර තිබේ.

මේ සාකච්ඡාවේදී රටේ ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන්  අවධානය යොමු වී ඇත. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මනාප ක්‍රමය අහෝසි කිරීම, 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර ස්වාධීන කොමිෂන් සභා යළි බල ගන්වා ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සහ සාමය තහවුරු කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් සියලූ පාර්ශ්වයන් පොදු එකඟතාවයකට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

එවැනි පොදු එකඟතාවයකට පැමිණි පසුව එම වැඩකටයුතු සියල්ල ඉදිරියට ගෙන යාමට පොදු අපේක්‍ෂකයකුට සියලූ දෙනාගේම සහයෝගය ලබාදීමට නියමිත බවද එජාපය සඳහන් කරයි.

 

Rate this item
(0 votes)