May 18, 2024

ඉන්දියාවේ සාංචියේ රෝපිත ජය ශ්‍රී මහා බෝධී අංකුරය දුර්වල වෙයි   

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සාංචි විහාරයට නුදුරින් පිහිටි ලෝක බෞද්ධ විශ්වවිද්‍යාලයේ රෝපණය කර ඇති ශ්‍රී ලංකාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධිය මිය යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

2012 වසරේ සැප්තැම්බර් මස 21 වැනිදා ලෝක බෞද්ධ විශ්වවිද්‍යාලය සඳහා මුල්ගල තබන අවස්ථාවේදී ශ්‍රී ලංකාවෙන් වැඩම කරන ලද මෙම බෝධි අංකුරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් රෝපණය කරන ලදී.

 

Rate this item
(0 votes)