May 18, 2024

දැරියක් පැහැර ගෙන - රන් පවුම් 04 යි ලක්ෂ 02ක් කප්පම් ඉල්ලයි

වව්නියාව නගර මධ්‍යයේදී අවුරුදු දෙකයි මාස තුනක් වයසැති කුඩා දැරියක් පැහැරගත් කාන්තාවක් පැය දෙකක් ඇතුලත අත්අඩංගුවට ගැනීමට වව්නියාව පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් පියවර ගෙන ඇත.

වව්නියාව නගර මධ්‍යයේ පිහිටි රත්තරන් උගස් තබන ස්ථානයකට ඊයේ (13) සවස කේදීස්වරන් දර්ශනී නැමති කාන්තාව සිය දියණීය සමග පැමිණ ඇත්තේ උකසට තැබූ සිය රත්තරන් භාණ්ඩ කිහිපයක් මුදල් ගෙවා ලබා ගැනීමටය.

අනතුරුව ඇයගේ ජංගම දුරකතනයට සුජෙන්දනී නැමැත්තියකගෙන් ඇමතුක් පැමිණ ඇති අතර එහදී සුජෙන්දනී නැමැත්තිය කියා ඇත්තේ තමන් උකස් රන් භාණ්ඩ ලබාගැනිමට පැමිණි කාන්තාවගේ විදෙස් ගතව සිටිනා සැමියාගේ යහලූවෙක් බවත් තමන්ට එම කාන්තාව හමු විය යුතු බවටත්ය.

අනතුරුව සුලු වෙලාවකින් සුජෙන්දනී නැමත්තිය අදාල උකස් ආයතනය සමීපයට පැමිණ කේදීස්වරන් කාන්තාව සමග මතුරු වී කියා ඇත්තේ තමාටද රන් මාලයක් මිලදී ගැනීමට අවශ්‍ය බැවින් තෝරා දෙන ලෙසත් එතෙක් තමන් දරුවා බලා ගැනීම සිදු කරන බවත්ය. එහිදී කේදීස්වරන් කාන්තාව විසින් සුජෙන්දනී කාන්තාවට මාලයක් තෝරන අතරතුර සුජන්දනී කාන්තාව විසින් කේදීස්වරන් කාන්තාවගේ අවුරුදු 02යි මාස තුනක් වයසැති කේදීස්වරන් ජිව්හානා දැරිය පැහැරගෙන අසල පිහිටි ත්‍රීරෝද රථයකින් පලා ගොස් ඇත.

මෙම පැහැර ගැනීම පිළිබඳව එම අවස්ථාවේදීම දැරියගේ මව වු කේදීස්වරන් විසින් වව්නියාව පොලීසියට පැමිණිල්ලක් දමා ඇති අතර එම අවස්ථාවේදීම පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් පැහැර ගැනුනු දැරිය සෙවිමේ පුලූල් පරීක‍ෂණයක් ආරම්භ කර තිබිණි.

මේ අතර දැරිය පැහැරගෙන ගිය ත්‍රීරෝද රථයේ රියදුරුටද අදාල කාන්තාව පිළිබඳව සැක පහල වී ඒ පිළබඳව වව්නියාව පොලීසියට එම කාන්තාව දැරිය රැගෙන ගිය ස්ථානයන් පිළිබඳව තොරතුරු ලබා දී ඇත.

එම තොරතුරු ඔස්සේද ක්‍රියාත්මක වූ වව්නියාව පොලිසියට  අනාවරණය වී ඇත්තේ දැරිය පැහැරගත් කාන්තාව විසින් දැරිය ලබා දීමට නම් රුපියල් ලක‍ෂ පහක මුදලක් හෝ රන් පවුම් 4ක් සමග රුපියල් ලක‍ෂ දෙකක මුදලක් අවශ්‍ය බවට දුරකතන ඇමතුමක් දී දැරියගේ මවට පවසා ඇති බවයි.

අනතුරුව වව්නියාව සෙට්ටිකුලම් මාර්ගයේ අරසඩිකුලම් ප්‍රදේශයේදී හඩමින් සිටින දැරියක් ඔසවාගෙන කාන්තාවක් ඉතා වේගයෙන් ගමන් කරනු දුටු පොලීසිය, ඒ පිළිබඳව සැක සිතී අදාළ කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේන් පසුව ඇය දැරිය පැහැරගත් කාන්තාව බවට අනාවරණය වීමෙන් එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

බේරා ගත් දැරිය මේ වන විට වව්නියාව මහ රෝහලේ වෛද්‍ය පරීක‍ෂණයක් සඳහා ඉදිරිපත් කර ඇති අතර දැරිය පැහැරගත් කාන්තාව වව්නියාව අධිකරණයට ඉදිරිපත් කොට ඇත.

රොමේෂ් මධුෂංක - වව්නියාව

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 October 2014 10:06