May 18, 2024

16 හැවිරිදි දැරිය දූෂණය කළාට පියාට වසර 03ක සිර දඬුවම්

මව නගරයට ගොස් එනතෙක්  සිය නිවසේ තනිවම රැදී සිටි 16 හැවිරිදි දැරියක දූෂණය කළේ යැයි  කියනු ලබන දෙදරු පියෙකුට ඊයේ (13) කුරුණෑගල මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර තුනක සිර දඬුවමක් නියම කළා.

මහාධිකරණ විනිසුරු  සමන්ත කුමාර රත්නායක  මහතා ඉදිරියේ  විභාග වූ  මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එම සිර දඬුවමට  අමතරව චුදිතයාට රුපියල් තිස් දහසක දඩයක්ද නියම විය. එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 06 කින් සිර දඩුවම දීර්ඝ කරන බවද දැන්විය.

වාරියපොළ  රබාවැව පදිංචි  රත්නායක මුදියන්සේලාගේ  නිමල් ජයවීර  නමැත්තෙකු විසින් 2001  මාර්තු මස 01 වෙනි දින වාරියපොළ  රබාවැව දී  16 හැවිරිදි  දැරියකට ලිංගික අතවරයක් කලේ යැයි විත්තිකරුට එරෙහිව නීතිපති වරයා විසින් කුරුණෑගල මහාධිකරණයේදී මෙම නඩුව පවරා තිබුණි.

සුනිල් එස්. පැල්ලන්දෙණිය - කුරුණෑගල

Rate this item
(0 votes)