May 19, 2024

එජාපය කාන්තාවන්ගෙන් ගොඩ යයි

1977 වසරේ දී එජාපයේ රැස්වීම්වලට කාන්තාවෝ විශාල පිරිසක් සහභාගී වූවා සේ ම මෙවර රැස්වීම්වලට ද කාන්තාවෝ බුරුතු පිටින් එක්වන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසුරිය මහතා පවසයි.

එය සුභ කටයුත්තක් බවත් 53% ක් ශ්‍රී ලංකාවේ කාන්තාවෝ ඡන්දය භාවිතා කරන බවත් කරු ජයසුරිය මහතා පෙන්වා දෙයි.

ඒ අනුව කාන්තාවන්ගේ දායකත්වයෙන් අප පක්ෂය ජය මාවතකට රැගෙන යා හැකි බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

එජාපය සමග කාන්තාවන් බහුතරයක් එක්වන්නේ වත්මන් ආණ්ඩුව සිදු කරන කටයුතුවල අවසන් ප්‍රතිඵලය කාන්තාවන්ට සහ කුස්සියට යොමුවීම හේතුවෙන් බව ද හෙතෙම පවසයි.

කරු ජයසූරිය මහතා මේ බව පැවසුවේ පසුගිය දා ඉමදූව ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමිණි.

ලංකින්ද නානායක්කාර 

Rate this item
(0 votes)