May 18, 2024

රිමාන්ඩ් යන සැකකරුවන් උසාවියේදී ගංඡා ඩීල්

ගංජා  පැකට්ටුවක් සිය  මුදල් පසුම්බියේ   සඟවාගෙන  කුරුණෑගල  අධිකරණ භූමියට ඇතුළු වීමට තැත් කල පුද්ගලයෙකු කුරුණෑගල අධිකරණ භුමියේ පොලිස් මුර කුටිය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණ භුමියේ පිවිසුම් දොරටුව අසල පිහිටි මෙම පොලිස් මුර කුටියෙහි  රාජකාරියේ නිරතව සිටි කොස්තාපල් එන්.ඒ.පි. පුෂ්ප කුමාර මහතා අදළ පුද්ගලයා පිළිබඳව සැක සහිත වීම තුළ ඔහු  පරීක්ෂා කිරීමේදී මෙම ගංජා පැකට්ටුව සොයා ගැනීමට හැකිවී තිබේ.

රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවෙකුට අලෙවි කිරීම සඳහා මෙලෙස ගංඡා රැගෙන පැමිණි බවයි සැකකරු හෙළි කර තිබෙන්නේ. මේත් සමඟ බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය පැමිණෙන ආකාරය පිළිබඳවද තවත් තොරතුරු හෙළි වෙමින් පවතින බවත් වාර්තා වෙයි.

සුනිල් එස්. පැල්ලන්දෙණිය - කුරුණෑගල

Rate this item
(0 votes)