May 18, 2024

නන්ද මල්ලවආරච්චි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට?  

ක්‍රිස් නෝනිස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස්වූ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට බොහෝ දුරට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ‍ලේකම් නන්ද මල්ලවආරච්චි මහතා පත් කිරීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ‍ලේකම් ලෙස හිටපු ‍පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා ලබන 22දා වැඩ භාරගැනීමට නියමිත අතර එම අමාත්‍යංශයේ වත්මන් ‍ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි මහතා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස පත්වීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

{module LOLC}

නන්ද මල්ලවආරච්චි මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ‍ලේකම් ලෙස වැඩ භාරගනු ලැබුවේ 2013 වසරේ අගෝස්තු 30 වැනිදාය. ඊට පෙර ඔහු ඉන්දුනීසියාවේ තානාපති ලෙස සේවය කර තිබිණි. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 October 2014 18:41