May 18, 2024

පොදු අපේක්ෂකයා එජාපයේ අයෙක්

ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට බලා‍පොරොත්තු වන ‍පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පුද්ගලයෙකු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. 

ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී තීරණය කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.  ‍

පොදු අපේක්ෂකයා එජාපයෙන් ඉදිරිපත් කරන බවත් මාදුළුවාවේ සෝභිත හිමි, ජනතා විමුක්ති පෙරමුණ හා වෘත්තීය සමිතිවල එකඟතාව ඒ සඳහා ගත හැකි බව ද ජෝශප් මයිකල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)