May 18, 2024

අන්ත දෙකක් ගැන ජනපති කියයි

නොවැදගත් දේශපාලනය නිසා උතුරු පළාතේ සංවර්ධනය පමා නොකරන ලෙසත් එසේම දේශපාලනය හා සංවර්ධනය යනු අන්ත දෙකක් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

උතුරු පළාත තුළ රජය මෙතෙක් ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය හා ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ විමසා බැලීමේ උතුරු පළාත් සංවර්ධන කමිටු රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පෙරවරුවේ යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විණි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරම් ඇතුළු උතුරු පළාත් සභා අමාත්‍යවරුන් මෙම සංවර්ධන කමිටු රැස්වීම වර්ජනය කර තිබිණි. 

ඉරණමඩු ජලාශය පසුගිය වසර 92ක කාලය තුළදී සංවර්ධනය කර නොමැති බවත් උතුරු පළාතට දකුණින් ජලය ගෙනයාමේ කිසිම දේශපාලයක් නොමැති බවත් ජනාධිපතිවරයා පැවසීය.

එසේම යාල් දේවි දුම්රියෙන් යාපනයට ගමන් කිරීමේදී එදා යුද පිටි අද කුඹුරු බවට පත්ව තිබෙන අයුරු දැකගත හැකිවූ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)