May 18, 2024

නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් ධූරය හිටපු ‍පොලිස්පති මහින්ද බාලසූරියට 

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ‍ලේකම් ලෙස හිටපු ‍පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා පත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මහින්ද බාලසූරිය මහතා ලබන 22දා වැඩ භාරගැනීමට නියමිතය. එම අමාත්‍යංශයේ වත්මන් ‍ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි මහතා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස පත්වීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

නන්ද මල්ලවආරච්චි මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ‍ලේකම් ලෙස වැඩ භාරගනු ලැබුවේ 2013 වසරේ අගෝස්තු 30 වැනිදා වන අතර ඊට පෙර ඔහු ඉන්දුනීසියාවේ තානාපති ලෙස සේවය කර තිබිණි. 

ආචාර්ය මහින්ද බාලසූරිය මහතා 2009 වසරේ නොවැම්බර් 04 වැනිදා සිට 2011 ජුනි දක්වා කාලය තුළ ‍පොලිස්පති ධුරයේ කටයුතු කළේය.

පසුව හෙතෙම ඉල්ලා අස් වූ අතර අනතුරුව ඔහු බ්‍රසීලයේ තානාපති ලෙසත් එක්සත් එමීර් රාජ්‍යයේ තානාපති ලෙසත් සේවය කරනු ලැබිය.

 

Rate this item
(0 votes)