May 18, 2024

අළුතින් පත්වූ නියෝජ්‍ය ඇමති ගැටුමකින් වැඩ අරඹලා

කොත්මලේ ප‍්‍රාදේශීය සභාවේ සම්බන්ධීකරණ රැස්වීමේදී උද්භිත උද්‍යාන හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක‍්‍රීෂ්ණන් මහතා හා මධ්‍යම පලාත් සභා මන්ත‍්‍රී එස්. රමේෂ් මහතා අතර දැඩි උණුසුම් තත්වයක් ඇතිවී තිබේ.

කොත්මලේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපති උද්භිත උද්‍යාන හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වී. රාධක‍්‍රීෂ්ණන් මහතා සභාපතීත්වය දරන එම කමිටු රැස්වීම අද (13)උදෑසන10 ටකොත්මලේ ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේ දී පවත්වා ඇත.

මෙහිදී ලංකා කම්කරු කොංග‍්‍රස් මධ්‍යම පලාත් සභා මන්ත‍්‍රී එස්. රමේෂ් මහතා හා නියෝජ්‍ය අමාත්‍ය රාධාක‍්‍රිෂ්ණන් මහතා අතර දැඩි උණුසුම් තත්වයක් ඇතිවී ඇති අතර පසුව එම දැඩිඋණුසුම් තත්වය හමුවේ තම පෞද්ගලික ලේකම් රවී මහතාට පලාත් සභා මන්ත‍්‍රී එස්. රමේෂ් මහතා පහර දුන් බව නියෝජ්‍ය අමාත්‍ය රාධා ක‍්‍රිෂ්ණන් මහතා පැවසී ය. 

නියෝජ්‍ය අමාත්‍ය රාධා ක‍්‍රිෂ්ණන් මහතා පවසන්නේ මධ්‍යම පලාත් සභා මන්ත‍්‍රී එස්.රමේෂ් මහතා විසින් තම පුතා වන පලාත් සභා මන්ත‍්‍රී ආර්. රාජාරාම්හා තම පෞද්ගලික ලේකම්වරයාට පහරදීම සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසියට පැමිණිල්ලක් කරන බවයි. 

මේ සම්බන්ධයෙන් අප එස්.රමේෂ් මහතාගෙන් කළ විමසීමකදී පැවසූවේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මඟින් තමා ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු රාශියකට වෙන්කර තිබූ ප‍්‍රතිපාදන කොත්මලේ ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයා විසින් එම මුදල් ප‍්‍රතිපාදන ලබානොදී එම ප‍්‍රතිපාදන ඔහුගේ සංවර්ධන කටයුතු කීපයකට යොදවා ගෙන ඇති බවයි. 

එම අවස්ථාවේ තමන්ට පහරදීමට පැමිණි කීපදෙනෙකුට එයින් බේරීම සඳහා තමන්ද පහරදුන් බවත් මේ සම්බන්ධයෙන් තමන්ද කොත්මලේ පොලිසියට පැමිණිල්ලක් කරන බවයි.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)