May 05, 2024

පෑළියගොඩ සිට කොටුවට ගුවන් මාර්ගයක් - ඉදිකිරීම ඔස්ට්‍රේලියා සමාගමකට   

පෑළියගොඩ සිට කොළඹ - කොටුව දක්වා උස් කොට ඉදිකරනු ලබන මහා මාර්ගයක් සැලසුම් කොට ඉදිකිරීමට ඔස්ට්‍රේලියාවේ HASS හවුල් ව්‍යාපාරය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම සඳහා සහ ඔවුන්ගෙන් සවිස්තරාත්මක යෝජනා ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීමෙන් හා පෑළියගොඩ සිට කොළඹ කොටුව දක්වා උස් කොට ඉදි කරනු ලබන මාර්ගයක් මඟින් පෑළියගොඩ රථවාහන තදබදය අවම කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි. 

නව පාලම ඉදිකිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය මඟින් අරමුදල් සැපයෙන අතර උස් කොට ඉදි කෙරෙන මාර්ගය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍යාධාර සැපයීමට නියමිතය. 

මීට අදාළ මූලික කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වී තිබේ.

Rate this item
(0 votes)