May 05, 2024

වසර 24කට පසු යාල්දේවිය 'මිත්‍රත්වයේ මාවත' යා කරයි (VIDEO)

පලෙයි සිට  පැයකුත් මිනිත්තු හතරක ගමනකින් පසු යාල් දේවී දුම්රිය  අද (13) පෙරවරු 11.13 ට යාපන දුම්රියපොළට ළඟා විය.

පලෙයි දුම්රිය ස්ථානයේදී  ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 10.09 ට පමණ දුම්රියට ගොඩ වුයේ උතුරු ජනතාවගේ ඔල්වරසන් හා ප්‍රීති ඝෝෂා මැද්දේය.

යාපනය දුම්රිය මාර්ගය අලුත් වැඩියා කරනු ලැබුයේ ඉන්දියා රජයේ අධාරයෙනි. ඒ සදහා ශ්‍රී ලංකා රුපියල් කෝටි  10400 ක් වැය විය.

පලෙයි දුම්රිය ස්ථානයේ සිට යාපනය දුම්රිය ස්ථානය දක්වා ප්‍රධාන දුම්රිය ස්ථාන 4ක් හා උපදුම්රිය ස්ථාන 6කින් යුක්ත වන අතර පලෙයි සිට යාපනය දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 56ක දුර ප්‍රමාණයකින් යුක්තය.

1990 වසරේදී එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් යාල්දේවී දුම්රියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වවුනියාව දක්වා සීමා කෙරුණි.

අනතුරුව වවුනියාවේ සිට පිළිවෙලින් 2009 වසරේ ජුනි 06 වැනිදා තාණ්ඩික්කුලම් දුම්රිය ස්ථානයද පසුව 2011 මැයි 27 ඕමන්ත දුම්රිය ස්ථානයෙන්ද පසුගිය වසරේ සැප්තම්බර් මස 14 වැනිදා  ඕමන්ත සිට කිලිනොච්චිය දක්වා දුම්රිය ගමනාගමනයද අනතුරුව මෙම වසරේ මාර්තු මස 04 වනදා කිලිනොච්චි සිට අලිමංකඩ හරහා පලෙයි දක්වාද දුම්රිය ගමන් වාරයන් ඇරඹුණු අතර අද දිනයේදී මෙසේ පලෙයි දුම්රිය ස්ථානයේ සිට යාල් දේවී පරීක්‍ෂණ දුම්රිය යාපනය දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනු ලැබීය.

වසර 24කට පසුව එලඹි මෙම ඓතිහාසික අවස්ථාව නැරඹීමට යාපනයේ වැසියෝ විශාල පිරිසක් පැමිණි සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 October 2014 11:00