May 05, 2024

ටිපර් රථ රියදුරු පාර අයිනේ සිටි කාන්තාව එලොව යවයි (ඡායාරූප සහිතයි)

හලාවත - කුරුණෑගල මාර්ගයේ විලත්තව මංසන්ධියේදී අද (13) පෙරවරු 10.30 ට පමණ සිදුවී ඇති අනතුරකින් කාන්තාවක් මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ බිංගිරිය, දකුණු දඹුව පදිංචිව සිටි මෙරගල් පේඩිගේ ශිහාරා දිලිණි කරුණාරත්න (අවු:36) නම්වූ කාන්තාවකි.

මිය ගොස් ඇති කාන්තාව හලාවත දක්වා යාමට බස් රථයක් පැමිනෙන තුරු විලත්තව මංසන්ධියේ සිට ඇත. එම අවස්ථාවේදී කුරුණෑගල දෙස සිට හලාවත දෙසට පැමිණ ඇති ටිපර් රථයට මාර්ගය අයිනේ සිටි කාන්තාව යටවී ඇත. මාර්ගවල ඇතිරීම සදහා යොදා ගන්නා කාපට් රැගෙන යමින් තිබූ ටිපර් රථයකට එම කාන්තාව යට වි තිබේ.

මාර්ගය අයිනේ නවතා තිබූ යතුරු පැදියකද ටිපර් රථය ගැට අනතුරුව මිය ගොස් ඇති කාන්තාව යටකරගෙන ගොස් ඇති බව පොලීසිය පැවසී ය. 

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ වම් පස ඇති ටයර් දෙකම අබලන් තතත්වයේ ඇති බවක්ද දක්නට ඇත. ටිපර් රථයේ රියදුරුගේ වරද හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය.

අනතුරට සම්බන්ධ ටිපර් රථය සහ එහි රියදුරුව හලාවත පොලීසියේ රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හලාවත පොලීසිය වැඩිදුර  විමර්ශණ කටයුතු කරගෙන යයි. 

ජුඩ් සමන්ත

 

Rate this item
(0 votes)