May 05, 2024

දක්ෂිණ අධිවේගයේ කොටසක් වසා දමයි

කොළඹ සිට මාතර දක්වා දිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුවේ සිට දොඩංගොඩ හුවමාරුව දක්වා වූ කොටස අද (13) පස්වරු 11.00 සිට හෙට (14) පෙරවරු 1.00 දක්වා කාලය තුළ දී තාවකාලිකව වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ගැලනිගම හුවමාරුව හරහා බණ්ඩාරගම - මොරොන්තුඩුව - වස්කඩුව - කළුතර -කටුකුරුන්ද - නාගොඩ - තුඩුගල - දොඩංගොඩ හුවමාරුව සහ ආපසු වශයෙන් එම කාලසීමාව තුළ දී විකල්ප මාර්ග භාවිත කළ හැකිය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉලෙක්ට්‍රොනික විදුලි නාම සංඥා පුවරු සවිකිරීම සඳහා මෙලෙස එම කාල සීමාව තුළ දී මාර්ගය වසා තැබේ.

 

Rate this item
(0 votes)