May 18, 2024

සැමියා නැති අතරේ තරුණයා නෑනාගේ ගෙදරට රිංගලා

රාත්‍රී කාලයේ හොර රහසේ සැමියා නොමැති තම නෑනාගේ නිවස ඇතුළු වූ බව කියන 28 හැවිරිදි තරුණයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව සාලියවැව පොලීසිය පවසයි.

පසුගිය 11 වැනිදා රාත්‍රීයේ ඉහල පුලියන්කුලම - මහගම ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉහල පුලියන්කුලම - මැදගම පදිංචිකරුවෙකුවය.

සිද්ධියට මුහුණ දී ඇති ඉහල පුලියන්කුලම - මහගම පදිංචි 32 හැවිරිදි කාන්තාව තම සැමියාගෙන් වෙන්ව දරුවන් දෙදෙනා සමග තනිවම වාසය කර ඇත.

තම නිවසට රාත්‍රී කාලයේ හොර රහසේ ඇතුළු වූ අයෙකු දැක ගෙහිමි කාන්තාව කෑ ගසා ඇත. ඒ හඩ ඇසී කාන්තාගේ නිවසට පැමිණ ඇති අසල්වැසියන් විසින් සැකකරුව අල්ලා ගෙන පොලීසියට බාර දී ඇත.

සැකකරු තම නිවසට ඇතුළු වූයේ කිසියම් දෙයක් සොරා ගැනීමට බවට තමන් විශ්වාස කරන්නේ යැයි ගෙහිමි කාන්තාව පොලීසියට පවසා ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ජුඩ් සමන්ත.

 

Rate this item
(0 votes)