May 18, 2024

ජනපති අතින් උතුරේ වැසියන්ට නිරවුල් බිමක හිමිකම

යුද සමයේදී උතුරේ වැසියන්ගෙන් නිවාස දේපල හා ජීවිත අහිමි වු පුද්ගලයින් 1218ක් වෙනුවෙන් රුපියල් මිලියන 115ක මුදලක්  වන්දි වශයෙන් ඊයේ (12) ජනාධිපතිවරයා අතින් කිළිනොච්චියේදී ප්‍රධානය කෙරිණි.

පුනරුත්ථාපන අධිකාරිය මගින් මෙම වැඩපිළිවෙල සංවිධානය කොට තිබූ අතර එම අවස්ථාවට බන්ධනාගාර සහ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද අමාත්‍ය චන්ද්‍රසිරි ගජධිර මහතා ඇතුලු තවත් පිරිසක්ද සහභාගි වූහ.

මේ අවස්ථාව සංවිධානය කොට තිබුණේ කිලිනොච්චිය ඉරණමඩු පළාතේ පිහිටි නෙලුම්පියස මධ්‍යස්ථානයේදීය.

ඉඩම් ඔප්පු 20,000ක් එකවර ප්‍රදානය කෙරුණු ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වනමෙම වැඩසටහන නිරවුල් බිමක හිමිකම දියුණුවේ පදනමයි යන තේමාව යටතේ ක්‍රියාත්මක වී තිබේ.  උතුරුපළාතේ දිස්ත්‍රික්ක පහම ආවරණය වන පරිදි මෙම ඉඩම් බලපත්‍ර බෙදාදීම සිදුවීඇත.

දිනසේන රතුගමගේ- වවුනියාව

Rate this item
(0 votes)