May 18, 2024

ගවයා බේරීමට ගිය රථය ඇළේ

යාපනය මහනුවර ඒ 9මාර්ගයේ කනගරායන්කුලම ප්‍රදේශයේදී අතිසුඛෝපභොගී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් එහි රියදුරු තුවාල ලබා ඇත.

පාරේ ගමන් කළ ගවයෙකු බේරීමට රියදුරු එක්වරම තිරිංග තද කළ අවස්ථාවේදී මෝටර් රථය බෝක්කුවක ගැටී අවසානයේදී බෝක්කුවෙන් පහල තිබූ ඇලකට පෙරලී ගොස් තිබේ.

මාන්කුලම පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.

දිනසේන රතුගමගේ- වවුනියාව

 

Rate this item
(0 votes)