May 18, 2024

අර්තාපල් ගොවියෝ තවමත් මහ පාරේ (Video)

රජය මැදිහත් වූවත් තව දුරටත් දේශීය අර්තාපල් ගොවියන්ගේ ගැටළුවලට විසඳුම් ලැබී නැති බව වාර්තා වෙයි. ඒ අනුව දේශීය අර්තාපල් ගොවියන් පෙන්වා දෙන්නේ රජය රුපියල් 80 කට අර්තාපල් මිලදී ගැනීම නිසියාකාරව සිදු නොකිරීම හේතුවෙන් දින ගණන් අර්තාපල් ගෝනිවල තැබීමට සිදුව ඇති බවයි.

මේ වන විට එම අර්තාපල් ගෝනිවලින් ඇතැම් ඒවා භාවිතයට සුදුසුදු තත්ත්වයට පත්ව ඇති බව පවසන අර්තාපල් ගොවීන් ඊට රජය වගකිව යුතු බවද පවසමින් අද විරෝධතාවයක් පැවැත්විය.

විරෝධතාවය වැලිමඩ වන්ගියකුඹුර හංදියේදී පැවැත් විණි.

ප්‍රේමලාල් රත්නායක - වැලිමඩ

වීඩියෝව පහළින් නරඹන්න...

Rate this item
(1 Vote)