May 18, 2024

වැල්ලවත්තේ සිට කොල්ලුපිටිය දක්වා පාර වැසේ - හෙට සිට ක්‍රියාත්මකයි

වැල්ලවත්ත සිට කොල්ලුපිටිය දකවා වෙරළබඩ මාර්ගයේ සංවර්ධන කටයුතු හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනය සිමා කෙරෙන බව පොලිස් මූලස්ථානය දන්වා ඇත.  

ඒ අනුව 13 වන සඳුදා  සිට නැවත දැනුම් දෙන තුරු සතියේ වැඩකරන දිනවල පමණක් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇති.

පෙරවරු 07.00 සිට පෙරවරු 09.30 දක්වා වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේ නෙල්සන්පාර හංදියේ සිට චාර්ලිමන්ට් පාර හංදිය දක්වා කොළඹ දෙසට පමණක් රථ වාහනගමනාගමනය සිදු කෙරෙයි.

සවස් කාලයේදී 04.00 සිට පස්වරු 06.30 දක්වා වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේ චාර්ලිමන්ට් පාර හංදියේ සිට නෙල්සන් පාර හංදිය දක්වා දෙහිවල දෙසට පමණක් රථවාහන ගමනා ගමනය සිදු කෙරෙනු ඇති.

Rate this item
(0 votes)