May 18, 2024

මත්පැන් මිලත් ඉහලට

මත්පැන් සඳහා වන බදු පසුගිය 10 වැනි දා සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා ඇති බව සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි.

ඒ අනුව මත්පැන් සැර ලීටරයක් සඳහා බද්ද රුපියල් 90 කින්ද, බියර් සියයට 5 කට අඩු සැර ලීටරයක බදු රුපියල් 10 කින් සහ සියයට 5 කට වැඩි සාන්ද්‍රණයක් සහිත බියර් ලීටරයක් සඳහා බද්ද රුපියල් 15 කින් ඉහළ නංවා ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

මත්පැන් බෝතලයක මිල අදාළ සමාගම් විසින් තීරණය කිරීමට නියමිතය. 

 

Rate this item
(0 votes)