May 18, 2024

තුන්වෙනි පාරටත් දිනනවා  'මම තමයි පොදු අපේක්ෂකයා' - ජනපති (VIDEO)

තමන් තුන්වැනිපාරත් ජනපතිවරණයට තරග කරන බවත්, තුන්වැනිපාරත් දිනන බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, පොල්ගහවෙල ප්‍රාදේශිය සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවයට සහභාගීවෙමිනි.

ජනාධිපතිවරයා පෙන්වා දුන් ආකාරයට නියම පොදු අපේක්ෂකයා තමන් බවත් අනෙකුත්  අපේක්ෂකයන් තනි අපේක්ෂකයන් බවත් පවසා සිටියේය.

“තුන්වැනි පාරත් අපි ඉල්ලනවා.  තුන්වැනි පාරටත් අපි දිනනවයි කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕන.මේ පොදු අපේක්ෂකයෙක් හොයනවා. මට තේරෙන්නේ නෑ මේක. ඉතින් මම කිවුවා කොහෙන් හරි හොයාගෙන එන්න කියලා. මට වඩා පොදු කෙනෙක් ඉන්නවද? මේ පොදු අපේක්ෂකයාත් එක්ක ඉන්න. මේ තමයි පොදු අපේක්ෂකයා.  වෙන පොදු අපේක්ෂකයෙක් නෑ. අනිත් අය තනි අපේක්ෂකයෝ කවුරු ආවත්.”

 

Rate this item
(0 votes)