May 18, 2024

සබරගමු සරසවි සිසු විරෝධතාවට ප්‍රහාරයක් (Video)

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පඹහින්නේ පවත්වාගෙන ගිය විරෝධතාවකට ඊයේ (11) මැර ප්‍රහාරයක් එල්ල වි තිබේ. 

ඔවුන්ගේ අට්ටාලයට ගිනි තබා ඇති අතර සිද්ධියෙන් සිසුන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

සබරගමුව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයේ ප්‍රකාශ 10 ක් සටහන් කරගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව ය.

පෙට්‍රල් බෝම්බ, යකඩ පොලු, යකඩ දම්වැල් ආදිය රැගත් පිරිසක් පහර දුන් බව සිසුන් පැවසීය.

සිදුවූ මේ ප්‍රහාරය හෙළා දකිමින් අද දහවල් විශ්වවිද්‍යාල රැසක සිසුන් විරෝධතාවල නිරත වුහ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් දින 40 ක් පුරා සත්‍යග්‍රහයේ නිරත විය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 13 October 2014 15:03