May 18, 2024

‘හුඩ්හුඩ්’ ට මුහුණ දීමට ඉන්දීයාව සූදානම් - ලංකාවටත් බලපෑම්

‘හුඩ්හුඩ්’සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔරිසා ප්‍රාන්තවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඇතැම් දුම්රිය ගමන් සහ ගුවන් ගමන් පවා අවලංගු කිරීමේ ප්‍රවනතාවයක් ඇති බවත් වාර්තා වෙයි.

මේ තත්ත්වය මත මෙරට දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ එම සුළිකුණාටුව බෙංගාල බොක්කේ සිට ඉන්දියාව දෙසට ළඟා වෙමින් පවතින බවයි.

මේ හේතුවෙන් ශ්‍රි ලංකාව අවට මුහුදේ ඇතැම් විට පැයට කිලෝමීටර් 50ක 60ක වේගයෙන් සුළං හැමිය හැකි අතර තැනින් තැන වැසි තත්ත්වයන් ද ඇති විය හැකියි.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 

Rate this item
(0 votes)