May 18, 2024

එක හෙදියක් ඇති ලංකාවේ එකම රෝහල

කිරින්ද පර්යන්ත රෝහල තුල සේවය කරන්නේ එක් හෙදියකු බවත් මේ නිසා එම රෝහල තුල දැඩි අර්බුදයක් පැන නැගී ඇති බවත් සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා පවසයි. 

හෙද නිළධාරීන් 06 දෙනෙකු සිටිය යුතු ආයතනයක් වන මෙම රෝහල තුල වාට්ටු 02 ක්, බාහිර රෝගී අංශය සහ නාරිවේද ඇතුළු සායන පවත්වාගෙන යන අතර මෙහි සේවය කරන්නේ හෙද නිළධාරිනියන් දෙදෙනෙකු පමණක් බවද හෙතෙම පෙන්වා දේ.

ඉන් එක් නිළධාරිනියක් මේවනවිට හදිසි අසනීප තත්වයක් නිසා කොළඹ ජාතික රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබන බැවින් දැනට එහි සේවය කරන්නේ එක් හෙද නිළධාරිනියක් පමණක් බවත් ඇයට දින ගණනාවක් අඛණ්ඩව පැය 24 සේවා ආවරණය කිරීම එක් හෙදියකට කල නොහැකි බවත් ගාමිණී කුමාරසිංහ මහතා පැවසීය. 

රෝගීන් ගැන සිතා වහා මේ පිළිබඳව ඉක්මන් තීරණයක් ගත යුතු බව ඔහු අදාල බලධාරීන්ට පවසා සිටී.

Rate this item
(0 votes)