May 18, 2024

පාසල් ළමුන්ට 'ගුලි' කවන්න ගිය ව්‍යාපාරිකයා කොටු

අලවි කිරීම සදහා මදන මෝදකය ගුලි 1180 ක් ළග තබා ගෙන සිටි බව කියන ව්‍යාපාරිකයෙකුව හලාවත කොට්ඨාශ මත්ද්‍රව්‍ය නාශක ඒකකය විසින් ඊයේ (11) පස්වරුවේ අත්අඩංගුවට ගෙන මාරවිල පොලීසියට බාර දී ඇත.

මාරවිල නගරයේ ව්‍යාපාරික ස්ථානයක තිබී මෙම මදන මෝදකය ගුලි සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත්වී ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මාරවිල නගරයේම පදිංචි 37 හැවිරිදි අයෙකි.

මාරවිල නගරයේ පාසල් වල ඉගෙණුම ලබන දරුවන් ඉලක්ක කරගෙන සැකකරු මදන මෝදක ගුලි රහසිගතව අලවි කරන බවට ලැබී ඇති තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

සැකකරු සහ ඔහු සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇති මදන මෝදකය ගුලි මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා මාරවිල පොලීසියට බාර දීමට වැටලීම කළ නිලධාරීන් කටයුතු කර ඇත.

හලාවත කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාලිය සිල්වා මහතාගේ උපදෙස් මත කොට්ඨාශ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

ජුඩ් සමන්ත

 

Rate this item
(0 votes)