May 18, 2024

මේජර්වරුන් 108 ක් ලුතිතන් කර්නල් නිලයට 

ඓතිහාසික යුද හමුදා දිනයට සමගාමීව සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක යන මහත්වරුන්ගේ අනුමැතිව ඇති ව යුද හමුදා මේජර්වරුන් 108 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයට උසස්  කරනු ලැබීය.  

ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ පැවැත්වූ යුද හමුදා දින පෙළපාලියට පසුගිය සිකුරාදා සහභාගී වූ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා අවධාරණය කළේ මෙම නිලධාරීන් 108 දෙනාගේ නිල උසස්වීම් යුද හමුදාවට ලැබුණු විශේෂිත ත්‍යාගයක් ලෙස සලකන අතර එය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්තුවරයාගේ මගපෙන්වීම මත සිදු වූ බවයි.  

මෙහිදී ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයාට විසින් නිලධාරීන් උසස් කිරීමට අවැසි මූලික පියවර නොගත්තේ නම් තවත් එය පමාවීමට ඉඩ තිබූ බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

උසස්වීම් ලැබු මෙම නිලධාරීන් 108 දෙනා අතර ආබාධිත නිලධාරීන් 07 දෙනෙකු ද  ඇතුළත් වේ. 

 

Rate this item
(0 votes)