May 18, 2024

ආණ්ඩුව ජවිපෙ සහය ගන්න සූදානමක

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලබා ගැනීමට ආණ්ඩුව සූදානම් බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි පෙළ නායකයෙකු සමග මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

{module LOLC}

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේ නම් පොදු අපේක්ෂකයාට සහය නොදීමටත් එම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමටත් ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, එය නීති විරෝධී මැතිවරණයක් බවත් ඊට එරෙහිව ජනතාව පෙළගස්වන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 13 October 2014 09:07