May 18, 2024

බිත්තර බීජ ළඟ තබා ගැනීමේ ගොවී තහනමට එරෙහිව විරෝධතා

ගොවීන් විසින් පාරම්පරිකව නිෂ්පාදනය කළ බිත්තර බීජ නිෂ්පාදනය සම්පුර්ණයෙන්ම නතර කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව දකුණේ ගොවි සංවිධාන මෙන්ම ස්වේච්ඡා සංවිධාන කීපයක් උතුරේ සංවිධාන කීපයක් සමග එක් වී අද කිළිනොච්චිය මුරුකණ්ඩි කෝවිල ඉදිරිපිට විරෝධතාවයක් පැවැත් විය.

ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ රජයේ මෙම නව නීතියට අනුව ගොවීන් බිත්තර බීජ නිෂ්පාදනය කළ හොත් එවැනි ගොවීන් අත්අඩංගුවට ගන්නා බවයි. ගොවීන්ට මින් ඉදිරියට ඕනෑම වර්ගයක බිත්තර බීජ රජයේ වෙළෙද සැල් වලින් හෝ රජය මගින් අනුමත කළ පුද්ගලයින්ගෙන් පමණක්  මිලදී ගැනීමට සිදුවන බවද ගොවි සංවිධාන පෙන්වා දෙයි.

මේ තත්ත්වය මත  පාරම්පරික ගොවීන් සතුව ඇති බොහෝ බෝගවලට අයත් බීජ විනාශ වී යන බව කියන ගොවි සංවිධාන එම තත්ත්වය රට තුළ කිසිසේත්ම ඇතිවී මට ඉඩදිය නොහැකි බවද පවසයි.

දිනසේන රතුගමගේ - වවුනියාව

Rate this item
(0 votes)