May 18, 2024

දුම්රිය ධාවනයේ යථා තත්ත්වයට තවත් පැය 10 ක්

දුම්රිය වර්ජනය අවසන් වුවද ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත්පැය 10 කට ආසන්න කාලයක් ගත වනු ඇති බව දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙයි.
වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර තිබු වර්ජනය අද(11) උදෑසන 07.00ට අවසන් විය. ඒ අධිකරණය මගින් ලබා දුන් වාරණ නියෝගයකට අනුවයි.
ඒ අනුව අද උදෑසන සිට දුම්රිය කිහිපයක් මේ වනවිට ධාවනය වී ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කරයි.

Rate this item
(0 votes)