May 18, 2024

ජීවිතයට සමුදුන් ලොව ප්‍රකට කැරලිකාර සුනඛයා (Video)

2011 වසරේදී ග්‍රීසියේ ඇති වූ ආර්ථික අවපාතය සමග හටගත් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයේ පෙරමුණ ගත් ලෝක ප්‍රකට කැරලිකාර සුනඛයා (Riot Dog) ජීවිතයෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොවුකානිකොස් යනුවෙන් හැඳින්වෙන මෙම සුනඛයා එකල ජාත්‍යන්තර මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වූයේ රජයට එරෙහි විරෝධාවලදී ජනතාව සමග සිට පොලීසිය වෙත බුරා පනිමින් තිරිසනෙකුගෙන් නොදකින විශේෂ ලක්ෂණ විදහා දැක්වූ නිසාය.

අතිශය බිහිසුණු අයුරින් පැවති විරෝධතාවලදී පවා, කඳුළුගෑස් ප්‍රහාරයන්ටද ලක්වෙමින් නොබියම ඉදිරියට ගිය ලොවුකානිකොස් ඇතන්ස් වාසීන්ගේ නොමඳ ආදරයට ලක්විය.

මේ කැරලිකාර සුනඛයාගේ ශරීරය නගර මධ්‍යයේ වූ විශේෂ වෘක්ෂයක් අසල භූමදාන කළ බව පැවසේ. 2011 වසරේදී ටයිම් සඟරාව විසින් වසරේ චරිත අතරට ලොවුකානිකොස් දඑකතු කර ගෙන තිබුණි. විරෝධතා ව්‍යාපාරවලදී නිතර කඳුළු ගෑස් ප්‍රහාරයන්ට ලක්වීම හා ඒවා ආග්‍රහණය කිරීමද ලොවුකානිකොස් ඉක්මණින්ම ජීවිතයෙන් සමුගැනීමට හේතුවක් බව ඇතන්ස් පශු වෛද්‍යවරු පවසති.

 

Rate this item
(2 votes)